ඉන්දීය කණ්ඩායම අනුග්‍රාහකයෙකු සොයයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහක අයිතීන් ලබාගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිළිගත් ආයතනවලින් ලංසු කැඳවා තිබෙනවා.

ed-tech සමාගමක් වන BYJU’S සමඟ ඇති ගිවිසුම පසුගිය මූල්‍ය වර්ෂයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වය සඳහා මෙලෙස නව අනුග්‍රාහකයෙක් සොයමින් පසුවන්නේ.

මෙහිදී ලංසු ලේඛනය රුපියල් ලක්ෂ 05ක ආපසු නොගෙවන ගාස්තුවකට මිලදී ගත හැකි අතර, ලංසු තැබීමේ අවසන් දිනය ලෙස දක්වා ඇත්තේ ජුනි 26 වනදායි.

මේ අතර ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා අයදුම් කිරීම තහනම් කර ඇති සන්නාම කාණ්ඩ කිහිපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම්, ක්‍රිප්ටෝකරන්සි ඇතුළු කාණ්ඩ කිහිපයක් එලෙස තහනම්කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44