ඉන්දීයාවේ ‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනට (ඡායාරූප)

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (18) දින උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරුණා.

මෙලෙස දිවයිනට පැමිණි ‘INS SUKANYA’ යුද නෞකාව, දිගින් මීටර් 101 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander, සන්තෝෂ් කුමාර් වර්මා, කටයුතු කරනු ලබනවා.

‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර, සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතයී.

තවද, මෙම නිල සංචාරය නිමාකරමින් ලබන 21 වන දින ‘INS SUKANYA’ යුද නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?