ඉන්දියා – පාකිස්ථාන තරගයට අදත් වර්ෂාවෙන් බාධා

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරගය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට මේ වනවිට දැඩි වර්ෂාවක් ඇද හැලෙන බවයි වාර්තා වන්නේ.

වර්ෂාවෙන් තරගය නතර කරන විට පාකිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියා.

ඒ, වනවිට පිටියේ ක්‍රියාත්මක වෙමින් පැවතියේ ඉන්දීය ඉනිමේ 25 වන පන්දුවාරයයි.

මෙම තරගයට අතිරේක දිනයක් ලෙස හෙට (11) දිනය ද වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?