ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් අමිහිරි පරාජයක් අත්කර ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරගය පැවැත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලකුණු 358ක ඉලක්කයක් හිමිවුව ද පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 55ක් පමණයි.

ඒ අනුව තරගයේ ජය ඉන්දියාව හිමි කර ගත්තේ ලකුණු 302කින්.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත්වුණා. දෙවන කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි දිමුත් කරුණාරත්න දෙවන පන්දු වාරයේ පළමු පන්දුවෙන් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 2ක්ව තිබියදීයි.

දෙවන පන්දු වාරයේ 5 වන පන්දුවෙන් සධීර සමරවික්‍රම දවා ගැනීමට මොහොමඩ් සිරාජ්ට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවන කඩුල්ල ලෙසට කුසල් මෙන්ඩිස් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 3ක්ව තිබියදීයි. 9 වන පන්දු වාරයේ 4 වන පන්දුවෙන් සහ 5 වන පන්දුවෙන් චරිත් අසලංක සහ දුෂාන් හේමන්ත පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ශාමිට හැකියාව ලැබුණා. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 6කට ලකුණු 16ක් ලෙසින්.

පන්දුවාර 11යි පන්දු 3කදී 7 වන කඩුල්ල ලෙසට දුෂ්මන්ත චමීර පිටියෙන් ඉවත්වුණා. ඒ වන විට ශ්‍රී ලංකාව ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22ක්. 8 වන කඩුල්ල ලෙසට ඇන්ජෙලෝ මැතිව්ස් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 29ක්ව තිබියදීයි. ලකුණු 49ක්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වන කඩුල්ල ලෙසට කසුන් රාජිත ක්‍රීඩාගාරයට හරවා යැවීමට මොහොමඩ් ශාමිගේ පන්දුවකට හැකියාව ලැබුණා. අවසන් කඩල්ල ලෙසට දැවී ගියේ දිල්ෂාන් මදුෂංකයි.

මොහොමඩ් ශාමි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත් අතර මොහොමඩ් සිරාජ් කඩුලු 3ක් බිඳහෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 92කින් ලකුණු 92ක් ලබා සිටියදී දිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඔහුගේ ලකුණු 92ට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා. විරාත් කෝලි ලකුණු 88යි. ඔහුගේ ලකුණු 88ට හතරේ පහර 11ක් ඇතුලත්. ශ්‍රෙයාස් අයියර් ලකුණු 82යි. පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක කඩුලු 5ක් බිඳහෙලුවා.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඒ ශ්‍රී ලංකාව 2004 වසරේදී සිම්බාබ්වේ හි සිදු කළ තරග සංචාරයකදී ඔවුන් ලැබූ පරාජයත් සමගයි. එම තරගාවලියේ 3 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 36ක් පමණයි. ශ්‍රී ලංකාව එම තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
7
+1
3
+1
3
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22