ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් අමිහිරි පරාජයක් අත්කර ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරගය පැවැත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලකුණු 358ක ඉලක්කයක් හිමිවුව ද පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 55ක් පමණයි.

ඒ අනුව තරගයේ ජය ඉන්දියාව හිමි කර ගත්තේ ලකුණු 302කින්.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත්වුණා. දෙවන කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි දිමුත් කරුණාරත්න දෙවන පන්දු වාරයේ පළමු පන්දුවෙන් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 2ක්ව තිබියදීයි.

දෙවන පන්දු වාරයේ 5 වන පන්දුවෙන් සධීර සමරවික්‍රම දවා ගැනීමට මොහොමඩ් සිරාජ්ට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවන කඩුල්ල ලෙසට කුසල් මෙන්ඩිස් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 3ක්ව තිබියදීයි. 9 වන පන්දු වාරයේ 4 වන පන්දුවෙන් සහ 5 වන පන්දුවෙන් චරිත් අසලංක සහ දුෂාන් හේමන්ත පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ශාමිට හැකියාව ලැබුණා. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 6කට ලකුණු 16ක් ලෙසින්.

පන්දුවාර 11යි පන්දු 3කදී 7 වන කඩුල්ල ලෙසට දුෂ්මන්ත චමීර පිටියෙන් ඉවත්වුණා. ඒ වන විට ශ්‍රී ලංකාව ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22ක්. 8 වන කඩුල්ල ලෙසට ඇන්ජෙලෝ මැතිව්ස් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 29ක්ව තිබියදීයි. ලකුණු 49ක්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වන කඩුල්ල ලෙසට කසුන් රාජිත ක්‍රීඩාගාරයට හරවා යැවීමට මොහොමඩ් ශාමිගේ පන්දුවකට හැකියාව ලැබුණා. අවසන් කඩල්ල ලෙසට දැවී ගියේ දිල්ෂාන් මදුෂංකයි.

මොහොමඩ් ශාමි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත් අතර මොහොමඩ් සිරාජ් කඩුලු 3ක් බිඳහෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 92කින් ලකුණු 92ක් ලබා සිටියදී දිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඔහුගේ ලකුණු 92ට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා. විරාත් කෝලි ලකුණු 88යි. ඔහුගේ ලකුණු 88ට හතරේ පහර 11ක් ඇතුලත්. ශ්‍රෙයාස් අයියර් ලකුණු 82යි. පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක කඩුලු 5ක් බිඳහෙලුවා.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඒ ශ්‍රී ලංකාව 2004 වසරේදී සිම්බාබ්වේ හි සිදු කළ තරග සංචාරයකදී ඔවුන් ලැබූ පරාජයත් සමගයි. එම තරගාවලියේ 3 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 36ක් පමණයි. ශ්‍රී ලංකාව එම තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
7
+1
3
+1
3
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?