ඉන්දියාව සමග සහයෝගීතාව වැඩි කර ගැනීමට බ්‍රසීලයේ අවධානය

ඉන්දියාව සහ බ්‍රසීලය අතර දේශපාලන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාවේ සුවිශේෂී වෙළඳපොළ උපයෝගී කරගැනීමේ වැදගත්කම බ්‍රසීල ජනාධිපති මෙලෙස අවධාරණය කර ඇතැයි සඳහන්.

බ්‍රසීල ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සිදු වූයේ එරට උප ජනාධිපතිගේ ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් දිනකට පසුවයි.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ලබන වසරේ ලූලාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය සඳහා අඩිතාලම දැමීම මෙහි අරමුණයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ බොහෝ බ්‍රසීල සමාගම් ඉන්දියානු වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා සොයමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?