ඉන්දියාව කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයෙන් එළියට

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට ඊයේ (23) සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඉදිරියේ පරාජය වීමත් සමඟයි.

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 05 කින්.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායිකාව දෙවරක් නොසිතාම නිවුලන්ඩ්ස් පිටියේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී ඕස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින්ගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කඩුලු 04ක් දැවී පන්දුවාර 20 තුළ ලකුණු 172ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ලකුණු 173ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් ලකුණු 05ක තියුණු ජයක් හිමිකර ගනිමින් 2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද (24) පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?