ඉන්දියාව ඉදිරියට යන්නේ බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදිමින් – ඉන්දීය අගමැති මෝදි කියයි

ඉන්දියාව, පසුගිය වසර නවය තුළ බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරමින් විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඉන්දීයඅගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඉන්දීය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ නවදිල්ලියේ දී ආරම්භ වූ 2023 ගෝලීය බෞද්ධ සමුළුවේදී අදහස් දක්වමින්.

එහිදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ ඉන්දියාව න්‍යාය , ප්‍රායෝගිකත්වය සහ අවබෝධය යන  බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කර ඇති බවයි.

ඉන්දියාව එම අංශ තුනෙන්ම වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළා.

ගෝලීය බෞද්ධ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාව අම්රිත් මහෝත්සවය සමරන අවස්ථාවක සහ ඉන්දියාව නිදහස ලබා වසර 75ක් සමරන මොහොතකයි.

ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා ඉදිරියට යමින් සිටින බවත්  ඉන්දියාව ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම සුබසාධනය සඳහා අධිෂ්ඨානයකින් පසුවන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී පෙන්වා දුන්නා.

“අපිට සතුට වැළඳ ගත හැක්කේ ජයග්‍රහණය, පරාජයන්, සටන්, යුද්ධ යන අවබෝධයන් අත්හළහොත් පමණයි. බුදුරජාණන්  වහන්සේ මේවා ජය ගැනීමට මඟ කියා දී තිබෙනවා. වෛරය වෛරයෙන් සංසිඳිය නොහැකි අතර එය සංසිඳිය හැකි වන්නේ  ආදරයෙන්. සැබෑ සතුට පවතින්නේ සාමය තුළ, සාමයෙන් එකට ජීවත්වීම තුළ, ” යැයිද ඉන්දියා අගමැතිවරයා ප්‍රකාශ කළා.

අපට ලෝකය සතුට පරි තැනක් කිරීමට  අවශ්‍ය නම්  බුදුන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම  සේම පටු චින්තනය හැර යාම එකම මාර්ගය බවත්  ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

රුසියානු-යුක්‍රේන යුද්ධය ගැන ද අගමැතිවරයා සිය කතාවේදී සඳහන් කළා.

“බුදු මග යනු අනාගත මගයි, තිරසාර මාවතයි.

ලොවම බුදුන් වදාළ ධර්මය අනුගමනය කළා නම් දේශගුණික විපර්යාසයක් වැනි අර්බුදකාරී තත්ත්වයක් පවා අප ඉදිරියට නොඑන්න ඉඩ තිබුණා.

මේ අර්බුදය ඇති වූයේ, සමහර රටවල් පසුගිය ශතවර්ෂයේදී අනෙක් අය ගැන, අනාගත පරම්පරාව ගැන සිතුවේ නැති නිසයි ” යැයි ඔහු ප්‍රකාශ කළා.

ලෝකයේ විවිධ රටවල සාම දූත මෙහෙවරක් වේවා, තුර්කියේ භූමිකම්පාවක් වැනි විපතක් වේවා ඉන්දියාව සෑම අර්බුද අවස්ථාවකදීම මනුෂ්‍යත්වය සමඟ  සිය පූර්ණ හැකියාවන් යොදමින් නැගී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?