ඉන්දියාව ඉදිරියට යන්නේ බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදිමින් – ඉන්දීය අගමැති මෝදි කියයි

ඉන්දියාව, පසුගිය වසර නවය තුළ බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරමින් විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඉන්දීයඅගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඉන්දීය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ නවදිල්ලියේ දී ආරම්භ වූ 2023 ගෝලීය බෞද්ධ සමුළුවේදී අදහස් දක්වමින්.

එහිදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ ඉන්දියාව න්‍යාය , ප්‍රායෝගිකත්වය සහ අවබෝධය යන  බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කර ඇති බවයි.

ඉන්දියාව එම අංශ තුනෙන්ම වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළා.

ගෝලීය බෞද්ධ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාව අම්රිත් මහෝත්සවය සමරන අවස්ථාවක සහ ඉන්දියාව නිදහස ලබා වසර 75ක් සමරන මොහොතකයි.

ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා ඉදිරියට යමින් සිටින බවත්  ඉන්දියාව ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම සුබසාධනය සඳහා අධිෂ්ඨානයකින් පසුවන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී පෙන්වා දුන්නා.

“අපිට සතුට වැළඳ ගත හැක්කේ ජයග්‍රහණය, පරාජයන්, සටන්, යුද්ධ යන අවබෝධයන් අත්හළහොත් පමණයි. බුදුරජාණන්  වහන්සේ මේවා ජය ගැනීමට මඟ කියා දී තිබෙනවා. වෛරය වෛරයෙන් සංසිඳිය නොහැකි අතර එය සංසිඳිය හැකි වන්නේ  ආදරයෙන්. සැබෑ සතුට පවතින්නේ සාමය තුළ, සාමයෙන් එකට ජීවත්වීම තුළ, ” යැයිද ඉන්දියා අගමැතිවරයා ප්‍රකාශ කළා.

අපට ලෝකය සතුට පරි තැනක් කිරීමට  අවශ්‍ය නම්  බුදුන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම  සේම පටු චින්තනය හැර යාම එකම මාර්ගය බවත්  ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

රුසියානු-යුක්‍රේන යුද්ධය ගැන ද අගමැතිවරයා සිය කතාවේදී සඳහන් කළා.

“බුදු මග යනු අනාගත මගයි, තිරසාර මාවතයි.

ලොවම බුදුන් වදාළ ධර්මය අනුගමනය කළා නම් දේශගුණික විපර්යාසයක් වැනි අර්බුදකාරී තත්ත්වයක් පවා අප ඉදිරියට නොඑන්න ඉඩ තිබුණා.

මේ අර්බුදය ඇති වූයේ, සමහර රටවල් පසුගිය ශතවර්ෂයේදී අනෙක් අය ගැන, අනාගත පරම්පරාව ගැන සිතුවේ නැති නිසයි ” යැයි ඔහු ප්‍රකාශ කළා.

ලෝකයේ විවිධ රටවල සාම දූත මෙහෙවරක් වේවා, තුර්කියේ භූමිකම්පාවක් වැනි විපතක් වේවා ඉන්දියාව සෑම අර්බුද අවස්ථාවකදීම මනුෂ්‍යත්වය සමඟ  සිය පූර්ණ හැකියාවන් යොදමින් නැගී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12