ඉන්දියාව ආසියානු කුසලානයෙන් ඉවත්වෙයි

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පිරිමි ආසියානු කුසලානයෙන් සහ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයෙන් තම කණ්ඩායම් ඉවත් කර ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මෙම තීරණය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර උත්සන්න වූ එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාකිස්ථාන අමාත්‍යවරයෙකු ප්‍රධානියා වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද තරඟාවලි සඳහා ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා නොකරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
66
+1
3
+1
3
+1
7
+1
23
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?