ඉන්දියාවේ හදපු සැම්සුන්ග් ලැප් එකක් ගන්න ළඟදීම අවස්ථාව

කොරියානු ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන දැවැන්තයා වන සැම්සුන් ඉන්දියාවේ සිය ලැප්ටොප් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩා කර්මාන්තශාලාවේ මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ වී ඇතැයි වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ් වැනි නිෂ්පාදන කිහිපයක් පමණක් මෙතෙක් එහි නිෂ්පාදනය කෙරුණා.

නම හෙළි නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් වෙබ් අඩවිය වාර්තා කළේ ඉදිරියේ දී ග්‍රේටර් නොයිඩා හි තවත් නිෂ්පාදන ආරම්භ කිරීමට සැම්සුන්ග් සූදානමින් සිටින බවයි.

සැම්සුන් කර්මාන්තශාලාව 1996 දී ඉන්දියාවේ පිහිටුවන ලද පළමු ගෝලීය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන පහසුකම්වලින් එකක්.

ගෝලීය වශයෙන් සැම්සුන්ග් හි දෙවැනි විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ඒකකය ඉන්දියාවේ පිහිටා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?