ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරළට බුදුපිළිම රැසක් සමග යාත්‍රාවක් ගොඩගසයි

ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරළ තීරයට ඊයේ (18) දින බුදුපිළිම රැසක් සමගින් මණ්ඩපයක් මෙන් සැකසූ යාත්‍රාවක් ගොඩගැසීම හේතුවෙන් එහි ධීවර ජනතාව නොසන්සුන් වී ඇතැයි වාර්තා වනවා.

අදාළ යාත්‍රාව ශ්‍රීලංකාවේ උතුරු ප්‍රදේශයේ සිට ගසාගෙන එන්නට ඇති බවටයි රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවර ජනතාවට සැක මතුවී ඇත්තේ.

රාමේෂ්වරම් තංගච්චිමඩම්, අන්තොනියර්පුරම් වෙරළ තීරයට මෙලෙස මෙම යාත්‍රාව ගොඩගසා තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ධීවරයින් පොලිසියට හා වෙරළාරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පොලිසිය හා වෙරළාරක්ෂක නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ යාත්‍රාව තුල විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බුදු පිළිම රැසක් හිඳුවා ඇති බවයි.

මෙය කුමන හේතුවක් මත නිර්මාණය කළ එකක් ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් හෝ මියන්මාරයෙන් මෙම බුදුපිළිම සහිත යාත්‍රාව පැමිණෙන්නට ඇති බවටයි.

යාත්‍රාව එලෙස ගසාගෙන ඒමට හේතුව පිළිබඳව වැඩිදුර පරික්ෂණය අරඹා ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

  1. BUDU PILIMA A NISA MUN KALABALAWELA. MEKE HINDU AGAMIKA PILIMA AWANAM ME GON RELA LAKSHA GANAK RAS WELA STHROTHRA KIYALA POOJA TIYALA UDU VIYAN PAWADA DALA INDIA WATEMA ARAN GIHIN NATHI KATHA GODAK MAWALA THANPATH KARAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25