ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

පවතින ආර්ථීක අර්බුදය හමුවේ පීඩාවිඳින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තමිල්නාඩුවේ තුත්තුකුඩිහි යාචකයකු ඉන්දීය රුපියල් විසිදහසක මුදලක් එක්රැස් කරගෙන තිබේ. මෙම මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් අසූ තුන්දහසකට ආසන්නය.

තූත්තුකුඩි ආලංකිනරු පදිංචි පූල්පාන්ඩි නමැති යාචකයකු මෙලෙස මුදල් එක්රැස්කරගෙන ඇති අතර ඔහු එම මුදල් මධුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

කොරෝනා කාලයේදී ද ආහාර පාන ගැනීමට අපහසුවෙන් සිටි ජනතාව වෙනුවෙන් මෙම යාචකයා සිඟමන් යැද මුදල් පරිත්‍යාග කර ඇත.

ඔහු 2020 වසරේදී දෙමළ වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත්තේ මම වගේ කිසිවකුත් සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුළුවන්. මම සල්ලි වලට ආස නැති මනුස්සයෙක්. ඒ හින්දා මම පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?