ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

පවතින ආර්ථීක අර්බුදය හමුවේ පීඩාවිඳින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තමිල්නාඩුවේ තුත්තුකුඩිහි යාචකයකු ඉන්දීය රුපියල් විසිදහසක මුදලක් එක්රැස් කරගෙන තිබේ. මෙම මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් අසූ තුන්දහසකට ආසන්නය.

තූත්තුකුඩි ආලංකිනරු පදිංචි පූල්පාන්ඩි නමැති යාචකයකු මෙලෙස මුදල් එක්රැස්කරගෙන ඇති අතර ඔහු එම මුදල් මධුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

කොරෝනා කාලයේදී ද ආහාර පාන ගැනීමට අපහසුවෙන් සිටි ජනතාව වෙනුවෙන් මෙම යාචකයා සිඟමන් යැද මුදල් පරිත්‍යාග කර ඇත.

ඔහු 2020 වසරේදී දෙමළ වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත්තේ මම වගේ කිසිවකුත් සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුළුවන්. මම සල්ලි වලට ආස නැති මනුස්සයෙක්. ඒ හින්දා මම පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01