AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ පළමු වරට නවදිල්ලි හා ශ්‍රී නගර් යා කෙරෙන වැන්ඩේ භාරත් ස්ලීපර් දුම්රිය සේවාව

ඉන්දියාවේ ආරම්භ කෙරෙන පළමු ‘වැන්ඩේ භාරත් ස්ලීපර් දුම්රිය සේවාව’ (Vande Bharat Sleeper train) එළඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; මෙම නව දුම්රිය සේවය මගින් නව දිල්ලි නුවර සහ ශ්‍රී නගර් සම්බන්ධ කිරීමට යෝජනා වී ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජය සහ ඉන්දීය දුම්රිය සේවා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනවා.

අර්ධ අධිවේගී දුම්රිය මාර්ගයක් ලෙස ස්ථාපිත මෙය උදම්පූර් – ශ්‍රීනගර් – බැරමුල්ල (USBRL) මත ධාවනය වන අතර මගීන්ට නවීන පහසුකම් සමඟ වැඩිදියුණු කළ සංචාරක අත්දැකීමක් ලබාදෙනු ඇති.

BEML විසින් නිෂ්පාදනය කරන ලද, Vande Bharat Sleeper දුම්රිය දිගු දුර සහ රාත්‍රී ගමන් සඳහා ඉදිකර තිබෙනවා.

දුම්රියේ මූලාකෘතිය 2024 සැප්තැම්බර් මාසයේදී දුම්රිය අමාත්‍ය Ashwini Vaishnaw විසින් එළිදක්වනු ලැබුවා.

පීටීඅයි වාර්තාවකට අනුව, නවදිල්ලියේ සිට ශ්‍රී නගර් දක්වා වැන්දේ භාරත් ස්ලීපර් දුම්රිය සේවාව 2025 ජනවාරි මාසයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කරනු ලබන අතර ඉන්පසු කඩිනමින් වාණිජ සේවා ආරම්භ කිරීමට නියමිතයි.

Vande Bharat Sleeper දුම්රිය නවදිල්ලිය සහ ශ්‍රීනගර් අතර කිලෝමීටර 800කට වඩා වැඩි දුරක් පැය 13කට අඩු කාලයකින් අවසන් කරනවා.

මෙම සේවාව මගින් නවදිල්ලිය සහ දැනට එවැනි සෘජු සම්බන්ධතාවක් නොමැති කාශ්මීර නිම්නය අතර ප්‍රථම වරට සෘජු දුම්රිය සම්බන්ධතාවක් ද ලබාදෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?