ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සෙලවෙයි – මාර්ගත් ජලයෙන් යටවෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (10) පෙරවරුවේ 09.04ට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇති බවත් එය විනාඩියක පමණ කාලයක් තිබූ බවයි.

රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් හර්යානා හි රොහ්ටක් හි කේන්ද්‍රස්ථානය වූ බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.

නමුත් මෙම භූ කම්පනය ගැන තවමත් වැඩි විස්තරයක් වාර්තා නොවන අතර, භූ කම්පන තත්ත්වය දිල්ලි ඇතුළු කලාපීය ජනතාවට දැනී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර දිල්ලියට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් නවතා දමා ඇති බවත් මාර්ග ජලයෙන් සම්පූර්ණයෙන් ම යට වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරනවා.

දිල්ලියේ තෙතමනය වැඩිම කොටසට මිලිමීටර් 60 ක වර්ෂාපතනයක් සහ වියළිම කොටසට මිලිමීටර් 1.4 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මෝසම් වැසි උතුරු දෙසට මාරුවීම හේතුවෙන් දිල්ලියේ ප්‍රදේශ කිහිපයක වර්ෂාව ඇති වූ බවත් එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) නිවේදනය කළේ හෙට (11) දින වනවිට වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
12
+1
4
+1
17
+1
32
+1
6
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?