ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සෙලවෙයි – මාර්ගත් ජලයෙන් යටවෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (10) පෙරවරුවේ 09.04ට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇති බවත් එය විනාඩියක පමණ කාලයක් තිබූ බවයි.

රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් හර්යානා හි රොහ්ටක් හි කේන්ද්‍රස්ථානය වූ බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.

නමුත් මෙම භූ කම්පනය ගැන තවමත් වැඩි විස්තරයක් වාර්තා නොවන අතර, භූ කම්පන තත්ත්වය දිල්ලි ඇතුළු කලාපීය ජනතාවට දැනී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර දිල්ලියට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් නවතා දමා ඇති බවත් මාර්ග ජලයෙන් සම්පූර්ණයෙන් ම යට වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරනවා.

දිල්ලියේ තෙතමනය වැඩිම කොටසට මිලිමීටර් 60 ක වර්ෂාපතනයක් සහ වියළිම කොටසට මිලිමීටර් 1.4 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මෝසම් වැසි උතුරු දෙසට මාරුවීම හේතුවෙන් දිල්ලියේ ප්‍රදේශ කිහිපයක වර්ෂාව ඇති වූ බවත් එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) නිවේදනය කළේ හෙට (11) දින වනවිට වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
12
+1
4
+1
17
+1
32
+1
6
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58