ඉන්දියාවේ තවත් සමූහ ස්ත්‍රී දූෂණයක් ? – දෙදෙනකු පොලිස් අත්අඩංගුවට

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර්හි දී කාන්තාවක් සමූහ දූෂණයට ලක් ව තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මේ වනවිට (05) පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

වින්දිත කාන්තාව සහ සැකකරුවන්ගෙන් එක් අයෙකු පබ් සමාජ ශාලාවක දී මුල් වරට හමු ව තිබෙනවා.

ඒ මයිසුරු නගරයේ දියි.

පසුව අදාළ තරුණයා විසින් කාන්තාව රවටාගෙන ඇයව ළැඟුම්හලකට රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ලිංගික අතවරයට ලක් වූ කාන්තාව සහ පළමු සැකකරු එක් ව පබ් හලේ දී බියර් බෝතල් සයකට වඩා පානය කර ඇති අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන ද පොලිසිය සිය පරීක්ෂණ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා.

ඉන් අනතුරුව චූදිත තරුණයා සිය ඥාතියෙකුට දූරකථන ඇමතුමක් ලබා දී ඔහු ද කැඳවා ගනිමින් ළැඟුම්හල වෙත ගොස් ඇත්තේ තරුණියව ද රැගෙන යි.

එහිදී අදාළ තරුණයින් දෙදෙනා විසින් වරින් වර මත්පැන් ගෙන මත් ව සිටි කාන්තාව දූෂණයට ලක් කර තිබෙනවා.

මෙම සිදුවීම පෙරේදා (03) රාත්‍රියේ දී සිදු ව ඇති අතර ඊයේ (04) දිනයේ දී වින්දිත පාර්ශ්වය විසින් මයිසූර් නගරයේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

වින්දිතයා සහ චූදිතයන් අතර ළැඟුම්හල තුළ සිදුවූයේ කුමක්ද යන්න තවමත් පොලිසියට නිශ්චිතව අනාවරණය වී නොමැති අතර වින්දිත පාර්ශ්වය සඳහන් කර ඇත්තේ ඇයව තරුණයින් දෙදෙනකු විසින් දූෂණයට ලක් කළ බවයි.

වින්දිතයාට කිසිදු තුවාලයක් සිදු වී නොමැති අතර ඇය ආරක්ෂිතව සහ සාමාන්‍ය තත්ත්වයෙන් ද සිටින බවත් වාර්තා වනවා.

වින්දිතයා ලබා දුන් පැමිණිල්ලේ කරුණු තවදුරටත් තහවුරු කිරීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?