ඉන්දියාවේ තවත් සමූහ ස්ත්‍රී දූෂණයක් ? – දෙදෙනකු පොලිස් අත්අඩංගුවට

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර්හි දී කාන්තාවක් සමූහ දූෂණයට ලක් ව තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මේ වනවිට (05) පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

වින්දිත කාන්තාව සහ සැකකරුවන්ගෙන් එක් අයෙකු පබ් සමාජ ශාලාවක දී මුල් වරට හමු ව තිබෙනවා.

ඒ මයිසුරු නගරයේ දියි.

පසුව අදාළ තරුණයා විසින් කාන්තාව රවටාගෙන ඇයව ළැඟුම්හලකට රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ලිංගික අතවරයට ලක් වූ කාන්තාව සහ පළමු සැකකරු එක් ව පබ් හලේ දී බියර් බෝතල් සයකට වඩා පානය කර ඇති අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන ද පොලිසිය සිය පරීක්ෂණ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා.

ඉන් අනතුරුව චූදිත තරුණයා සිය ඥාතියෙකුට දූරකථන ඇමතුමක් ලබා දී ඔහු ද කැඳවා ගනිමින් ළැඟුම්හල වෙත ගොස් ඇත්තේ තරුණියව ද රැගෙන යි.

එහිදී අදාළ තරුණයින් දෙදෙනා විසින් වරින් වර මත්පැන් ගෙන මත් ව සිටි කාන්තාව දූෂණයට ලක් කර තිබෙනවා.

මෙම සිදුවීම පෙරේදා (03) රාත්‍රියේ දී සිදු ව ඇති අතර ඊයේ (04) දිනයේ දී වින්දිත පාර්ශ්වය විසින් මයිසූර් නගරයේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

වින්දිතයා සහ චූදිතයන් අතර ළැඟුම්හල තුළ සිදුවූයේ කුමක්ද යන්න තවමත් පොලිසියට නිශ්චිතව අනාවරණය වී නොමැති අතර වින්දිත පාර්ශ්වය සඳහන් කර ඇත්තේ ඇයව තරුණයින් දෙදෙනකු විසින් දූෂණයට ලක් කළ බවයි.

වින්දිතයාට කිසිදු තුවාලයක් සිදු වී නොමැති අතර ඇය ආරක්ෂිතව සහ සාමාන්‍ය තත්ත්වයෙන් ද සිටින බවත් වාර්තා වනවා.

වින්දිතයා ලබා දුන් පැමිණිල්ලේ කරුණු තවදුරටත් තහවුරු කිරීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38