AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ කොරෝනා දසතින් ව්‍යාප්ත වෙද්දී, රෝහලක සිදු වූ අපූරු විවාහය

ඉන්දියාව තුළ වාර්තා වූ සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 17,313,163 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් 195,123 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

තවත් පුද්ගලයින්, 14,304,382 දෙදෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව ද සඳහන්.තත්ත්ව මෙසේ තිබියදී, කේරළ ප්‍රදේශයේ සිදු වූ අපූරු විවාහයක් සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.එහිදී මනමාලිය විසින් කොරෝනාවලින් ආරක්ෂාවීමට වෛද්‍යවරුන් අඳිනු ලබන PPE ඇඳුමකින් සැරසී මෙම විවාහයට සහභාගී සිටියා.ඒ, මනමාලයා කොරෝනා ආසාදිතයෙකු බව පසුගියදා තහවුරු වීම හේතුවෙන්.රෝහලක් තුළ පැවැති, අදාළ විවාහයට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවසර ලබාදී ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?