AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ එක වූ ලංකාවේ දැරිය මව්බිමට (වීඩියෝ සහ ඡායාරූප)

ඉන්දියාවේ ජනප්‍රිය සංගීත රියැලිටි වැඩසටහනක ජයග්‍රාහිකාව වූ 14 හැවිරිදි කිල්මිෂා උදයශීලන් දැරිය දිවයිනට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඇය මෙරටට පැමිණි බවයි.

Zee Tamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනූ ඇය පිළිගැනීම සඳහා යාපනය ගුවන්තොටුපළට විශාල පිරිසක් පැමිණ තිබුණා.

කිල්මිෂා දැරිය නිවෙස වෙත රැගෙන යාම සඳහා ප්‍රදේශවාසීන් නර්ථනාංග ද ඇතුලත්ව රිය පෙරහැරක් සංවිධාන කර තිබෙනවා.

ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රිය ‍රියැලිටි වැඩ සටහනක් වූ මෙම තරගාවලියේ අවසන් තරගය පසුගිය 17 වනදා චෙන්නායි නගරයේ නේරු ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණ අතර එය Zee Tamil නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.

මෙම ජයග්‍රහණය තීරණය කෙරුණේ ජනතා මනාපය අනුවයි. අවසන් තරගයට සහභාගී වූ හය දෙනා අතුරින් ඉහළම මනාපය කිල්මිෂාට හිමිවීමෙන් ඇයට තරගාවලියේ ශූරතාවය හිමි වුණා. ඒ අනුව, ඇය ඉන්දියාවේ රියැලිටි තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසටයි ඉතිහාසයට එක් වන්නේ.

මෙම තරගාවලිය ආරම්භ වී තිබුණේ Online තෝරාගැනීමේ වටයකින්. අනතුරුව පැවති තරඟ වට කේරළය, තමිල්නාඩුව වැනි ප්‍රාන්ත කිහිපයක දී පවත්වා තිබූ අතර විනිසුරු මඬුල්ල විසින් ඉන් 45 දෙනෙකු තරග වැදීමට තෝරාගෙන තිබුණා.

එකිනෙකාට එරෙහි තරග වටවලින් වැඩිම ලකුණු ලැබූ 30 දෙනෙකු ඉදිරි වට සඳහා යළි තෝරා ගත් අතර ඒ අතරින් අවසන් තරගකරුවන් අතරට පිවිසි කිල්මිෂා, රික්ෂිතා, සංජනා, රුත්‍රේෂ්, කනිෂ්කර් සහ නිශාන්ත් යන තරගකරුවන් සහ තරගකාරියන් අතරින් කිල්මිශා මෙම ජයග්‍රහණය හිමි කර ගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
13
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?