ඉන්දියාවේ එක වූ ලංකාවේ දැරිය මව්බිමට (වීඩියෝ සහ ඡායාරූප)

ඉන්දියාවේ ජනප්‍රිය සංගීත රියැලිටි වැඩසටහනක ජයග්‍රාහිකාව වූ 14 හැවිරිදි කිල්මිෂා උදයශීලන් දැරිය දිවයිනට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඇය මෙරටට පැමිණි බවයි.

Zee Tamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනූ ඇය පිළිගැනීම සඳහා යාපනය ගුවන්තොටුපළට විශාල පිරිසක් පැමිණ තිබුණා.

කිල්මිෂා දැරිය නිවෙස වෙත රැගෙන යාම සඳහා ප්‍රදේශවාසීන් නර්ථනාංග ද ඇතුලත්ව රිය පෙරහැරක් සංවිධාන කර තිබෙනවා.

ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රිය ‍රියැලිටි වැඩ සටහනක් වූ මෙම තරගාවලියේ අවසන් තරගය පසුගිය 17 වනදා චෙන්නායි නගරයේ නේරු ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණ අතර එය Zee Tamil නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.

මෙම ජයග්‍රහණය තීරණය කෙරුණේ ජනතා මනාපය අනුවයි. අවසන් තරගයට සහභාගී වූ හය දෙනා අතුරින් ඉහළම මනාපය කිල්මිෂාට හිමිවීමෙන් ඇයට තරගාවලියේ ශූරතාවය හිමි වුණා. ඒ අනුව, ඇය ඉන්දියාවේ රියැලිටි තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසටයි ඉතිහාසයට එක් වන්නේ.

මෙම තරගාවලිය ආරම්භ වී තිබුණේ Online තෝරාගැනීමේ වටයකින්. අනතුරුව පැවති තරඟ වට කේරළය, තමිල්නාඩුව වැනි ප්‍රාන්ත කිහිපයක දී පවත්වා තිබූ අතර විනිසුරු මඬුල්ල විසින් ඉන් 45 දෙනෙකු තරග වැදීමට තෝරාගෙන තිබුණා.

එකිනෙකාට එරෙහි තරග වටවලින් වැඩිම ලකුණු ලැබූ 30 දෙනෙකු ඉදිරි වට සඳහා යළි තෝරා ගත් අතර ඒ අතරින් අවසන් තරගකරුවන් අතරට පිවිසි කිල්මිෂා, රික්ෂිතා, සංජනා, රුත්‍රේෂ්, කනිෂ්කර් සහ නිශාන්ත් යන තරගකරුවන් සහ තරගකාරියන් අතරින් කිල්මිශා මෙම ජයග්‍රහණය හිමි කර ගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
13
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43