ඉන්දියාවේ ඉදිවුණු පළමු සිරස් එසවුම් දුම්රිය මුහුදු පාලම හෙට (06) විවෘත කිරීමට නියමිතයි.
ඒ රාමේෂ්වරම් හි දියි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෙම දුම්රිය මුහුදු පාලම විවෘත කරනු ඇති.
ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මෙම නව පාලම නම්කර ඇත්තේ ‘පම්බන් පාලම’ යනුවෙන්.
ඊට අදාළ ව අලංකාර වීඩියෝපටයක් ද ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.
මෙම පාලම ඉදිකිරීමට ඉන්දීය රුපියල් කෝටි 550ක් යට කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නව පම්බන් දුම්රිය පාලම විවෘත කර රාමේෂ්වරම් – තම්බරම් (චෙන්නායි) නව දුම්රිය සේවාවේ ධජය
ද ඔසවනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
+1
1
+1
2
+1
1