ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දරුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට වේලාවෙන් ඊයේ (29) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියක් සංඥා නොමැතිව, අලමන්දා සහ කන්ඨකපාලේ අතර, කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවත්, විසාග් සිට රායිගාද් බලා ගමන් ගන්නා සීඝ්‍රගාමී දුම්රිය එම දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එරට දුම්රිය ආරංචි මාර්ග පැවසුවේ මෙම ඛේදවාචකය මිනිස් අත්වැරදීමකින් සිදුවූවක් බවයි.

මේ අතර මෙම දුම්රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සහ විපතට පත්වූ පුද්ගලයින්ට හා ඔවුගේ පවුල්වල සාමාජිකයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?