ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දරුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට වේලාවෙන් ඊයේ (29) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියක් සංඥා නොමැතිව, අලමන්දා සහ කන්ඨකපාලේ අතර, කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවත්, විසාග් සිට රායිගාද් බලා ගමන් ගන්නා සීඝ්‍රගාමී දුම්රිය එම දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එරට දුම්රිය ආරංචි මාර්ග පැවසුවේ මෙම ඛේදවාචකය මිනිස් අත්වැරදීමකින් සිදුවූවක් බවයි.

මේ අතර මෙම දුම්රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සහ විපතට පත්වූ පුද්ගලයින්ට හා ඔවුගේ පවුල්වල සාමාජිකයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36