Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලබන සතියේ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමේ තීරණයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් එළඹෙන සතියේ දී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් ඉදිරිපත් කළ 2027 අයවැයට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කළ බවයි විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන ගැටළුවලට අයවැයෙන් විසඳුම් ලබානොදීම සම්බන්ධයෙන් අද දිනයේ රැස්වෙන අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ දී ඉදිරි පියවර සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.