ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economic Times පුවත්පත වාර්තා කරයි.
ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.එසේම ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාව තුළ තව තවත් ප්‍රචලිත කිරීම එහි තවත් අරමුණකි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ අතර එමසංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව Economic Times වැඩිදුරටත් වාර්තා කර සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3













