ඉන්දියාවෙන් නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක්

ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ජය ගැනීමට ඉන්දියාවෙන් නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.

විරාත් කෝලි අද වාර්තා දෙකක් තබමින් ලකුණු 117ක් ලබා ගත්තා. තම 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් ජාත්‍යන්තරය එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගන්නට වීරත් කෝලි සමත් වුණා. ඔහු මෙම සුවිශේෂී ශතකය වාර්තා කළේ පන්දු 106කට මුහුණ දෙමින්. කෝලි මීට පෙර එක්දින ශතක 49ක් රැස්කරගෙන එක්දින පිටියේ වැඩිම ශතක ලාභීන් අතර සචින් තෙන්ඩුල්කාර් සමග සමතැන ගෙන සිටියා.

එමෙන්ම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද සමත් වුණා. ඔහු මෙලෙස බිඳ දමනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තබා තිබූ වාර්තාවයි. තෙන්ඩුල්කාර් 2003 ලෝක කුසලානයේදී ලකුණු 673ක් රැස් කර තිබුණා.

නායක රෝහිත් ශර්මා ලකුණු 47යි. ශුබ්මන් ගිල් ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79ක්. එහෙත් 4 වන කඩුල්ල බිඳ වැටීමෙන් පසු යළිත් පිටියට පැමිණි ශුබ්මන් ගිල් තම ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉහළ නංවා ගත්තා.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 105ක් රැස් කළා. පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා. නවසීලන්ත පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22