AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවෙන් නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක්

ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ජය ගැනීමට ඉන්දියාවෙන් නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.

විරාත් කෝලි අද වාර්තා දෙකක් තබමින් ලකුණු 117ක් ලබා ගත්තා. තම 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් ජාත්‍යන්තරය එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගන්නට වීරත් කෝලි සමත් වුණා. ඔහු මෙම සුවිශේෂී ශතකය වාර්තා කළේ පන්දු 106කට මුහුණ දෙමින්. කෝලි මීට පෙර එක්දින ශතක 49ක් රැස්කරගෙන එක්දින පිටියේ වැඩිම ශතක ලාභීන් අතර සචින් තෙන්ඩුල්කාර් සමග සමතැන ගෙන සිටියා.

එමෙන්ම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද සමත් වුණා. ඔහු මෙලෙස බිඳ දමනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තබා තිබූ වාර්තාවයි. තෙන්ඩුල්කාර් 2003 ලෝක කුසලානයේදී ලකුණු 673ක් රැස් කර තිබුණා.

නායක රෝහිත් ශර්මා ලකුණු 47යි. ශුබ්මන් ගිල් ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79ක්. එහෙත් 4 වන කඩුල්ල බිඳ වැටීමෙන් පසු යළිත් පිටියට පැමිණි ශුබ්මන් ගිල් තම ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉහළ නංවා ගත්තා.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 105ක් රැස් කළා. පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා. නවසීලන්ත පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?