ඉන්දියාවෙන් ගෙනා බිත්තර අද සිට වෙළෙඳපොළට

බිත්තර මිල පාලනයට රජය ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර අද සිටම අඩු මිලට ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයන් ඉතා ඉහළ මිලකට බිත්තර අලෙවි කිරීමත් සමඟ මිල පාලනය සදහා රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරිමට කටයුතු කළා.ඒ සමඟ මිල පාලනය වුවද යලිත් වරක් බිත්තර මිල ඉහළ දැමීමටයි නිෂ්පාදකයින් කටයුතු කළ අතර ඒ අනුව ජනතාවට සහන සැළසීම සඳහා රජය තවදුරටත් බිත්තර ගෙන්වීමට තීරණය කළා.

ඒ අනුව බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ඉන්දියාවෙන් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ද හිමි විය. මෙම බිත්තර සතොස මගින් සහන මිලට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?