AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් “ගගන්යාත්‍රි” ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

ඉන්දියානුවෙක් අභ්‍යවකාශයට යැවීමේ ගගන්යාන් මෙහෙයුමේ එක් පියවරක් ලෙස ලබන මාසයේ දී ඉන්දියානුවෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිතව තිබෙනවා.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ), නාසා ආයතනය සමඟ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම සහයෝගීතාවය ඉන්දියාවේ ගගන්යාන් වැඩසටහනේ සහ එහි පුළුල් අභ්‍යවකාශ ගවේෂණ ප්‍රයත්නවල ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

“ගගන්යාත්‍රි” ලෙස හඳුන්වන එක් ඉන්දියානු ගගනගාමියෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මෙම මෙහෙයුමට සහභාගී වනු ඇතැයි ඉන්දීය රජය නිල වශයෙන් ලෝක් සභාවට පසුගියදා දැනුම් දුන්නා.

Axiom 4 මෙහෙයුමේ කොටසක් ලෙස අගෝස්තු මාසයේ දී ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉන්දියානුවා ඇතුළු ගගනගාමීන් තිදෙනා පිටත් යනු ඇති.

ඉන්දියානු ගගනගාමීන් ස්වාධීනව අභ්‍යවකාශයට යැවීම අරමුණු කරගත් පුළුල් ගගන්යාන් ව්‍යාපෘතිය සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ පරීක්ෂණ නියමුවන් සිව්දෙනෙකු තෝරාගෙන සිටිනවා.

මෙම ගගනගාමීන් මේ වන විට බැංගලෝර් හි පිහිටි ඉස්රෝ හි ගගනගාමී පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?