ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් දෙරටේම අභිවෘද්ධිය උදෙසා සහයෝගයෙන් අත්වැල් බැඳගත යුතුයි – ඉන්දීය මහ කොමසාරිස්

ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසනවා.

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සැමරුම් උත්සවය අමතමිනුයි ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කළේ.

“සංහිඳියාවේ රිද්මය” නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊසානදිග ඉන්දියාවේ නාගලන්ද් ප්‍රදේශයෙන් බිහිවී, ලෝක පිළිගැනීමට ලක් වූ UDX සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ Heavy metal Quintet Band Stigmata සංගීත කණ්ඩායම එක්ව සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වය හා සාමය සහ සෞභාග්‍යය සඳහා වන දෙරටේම අපේක්ෂාවන් පිළිඹිබු කිරීම උදෙසා මෙම සංගීත කණ්ඩායම් දෙක තෝරාගත් බවයි ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා..

ඉන්දියාව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් මෙන්ම විවිධත්වයෙන් යුතුව ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක්. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටත් පොදුයි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකාව සිය 75වන නිදහස් දිනය සමරනු ලබනවා. එබැවින් සමීප මිතුරන් ලෙස අප මෙම සැමරුම සැබෑ සහජීවනයේ රිද්මය පිළිඹිබු කරමින් එකට එක්ව සැමරිය යුතුයි. එම සහජීවනයේ රිද්මය වෙනස් සංගීත කණ්ඩායම් දෙකක සහ වෙනස් සංගීත සම්ප්‍රදායන් දෙකක සුසංයෝගය පමණක් නොව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සුසංයෝගය ද පිළිඹිබු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම හා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි සැමරුම සඳහා සහයෝගයෙන් අප එක්විය යුතු අතර නිදහසේ ශත සංවත්සරය දක්වා වූ වැඩපිළිවෙළට එක්ව කැපවීමට ද අදිටන් කරගත යුතුයි. එම සහයෝගය පැවතිය යුත්තේ දේශපාලන නායකයන්, වෘත්තිකයන්, විද්‍යාඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, නිලධාරීන් සහ සිවිල් සේවකයන් අතර පමණක් නොවෙයි. දෙරටේම අභිවෘද්ධිය උදෙසා සමාජයේ සෑම තරාතිරමකම ජනතාව ඊට එක්විය යුතු බව මගේ විශ්වාසයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?