AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාව හරහා ඇමෙරිකාවට යන්න මෛත්‍රී දිවයිනෙන් පිටවෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කරනවා.

හිටපු ජනාධිපතිවරයා ඉන්දියාව හරහා ඇමෙරිකාව වෙත යාමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

අද (12) අලුයම 02.50ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 284 දරණ ගුවන් යානයෙන් ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමු කීපයක් ද ලබන 15 වනදා සිට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයා සමඟ එම පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
10
+1
2
+1
3
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?