ඉන්දියාවට පනින්න ගිහින් මාට්ටු

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැනයෑමට තැත්කළ පිරිසක් මාන්නාරමදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ මෙම පිරිස ඊයේ (05) රාත්‍රී කාලයේදී මන්නාරම පොලිස් වසමේ තාල්පාඩුකිරි වෙරළ තීරයෙන් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැන යාමට තැත්කර ඇති බවයි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ සැකකරුවන් අතර අවුරුදු 18 හා 48 අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු, වයස අවුරුදු 29ක් වූ කන්තාවක් හා වයස අවුරුදු 05ක් හා 08ක් වූ පිරිමි ළමුන් දෙදෙනෙකු හා වයස අවුරුදු 06ක ගැහැණු ළමයෙකු සිටින බවයි.

මෙම පිරිස මන්නාරම, වැලිමඩ හා වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරවන් බව වාර්තා වෙයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඔවුන් අද (06) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?