ඉන්දයාවට පලා ගිය යුවලක් ධනුස්කොඩි වෙරලේ සිහිසුන්ව සිටියදී හමුවේ

මන්නාරම් මුහුදු තීරයෙන් නීතිවිරෝධීව මුහුදු මගින් යාත්‍රවක් ඔස්සේ ඉන්දියාවට ගිය වයෝවෘද්ද අඹුසැමි යුවලක් සිහිමුර්ජා වී රාමේෂ්වරම් ධනුස්කොඩි මුහුදු වෙරලේ වැටී සිටියදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් 28 දින බේරාගනු ලැබීය.

මන්නාරම මරුංගන් ප්‍රදේශයේ පදිංචි 74 සහ 67 යන වයස්හි පසුවූ මෙම වයෝවෘද්ද යුවල 27 දා මන්නාරම මුහුදු තීරයෙන් ධීවර යාත්‍රාවක් ආධාරයෙන් ඉන්දියාව බලා පිටත්ව ඇති අතර එහිදී අධික විඩාව සහ පෑවිල් හේතුවෙන් මෙම දෙදෙනා අසනීප වී ඇතැයි වාර්ථා වෙයි.

වයෝවෘද්ද යුවල ධනුෂ්කොඩි වෙරලතීරයේ සිහිමුර්ජා වී වැටී සිටිනු ප්‍රදේශයේ ධීවරයෙකු දැක ඒ පිළිබඳව වෙරලාරක්ෂක නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම නිලධාරීන් විසින් වහාම එම යුවල ඉන්දියාවේ රාමනාදපුරම් රජයේ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ප්‍රතිකාර ලබන වයෝවෘද්ද අඹුසැමි යුවලගේ තත්වය තරමක් බරපතල තත්වයේ පවතින බවටද වාර්ථාවන අතර මෙලෙසින් අනාරක්ෂිතව යාත්‍රාමගින් ඉන්දියාවට ඇතුල්වන සංක්‍රමණිකයින් නැවත්වීමට මුහුදු සීමාවන්හි ආරක්ෂාව තර කිරීමටද ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?