හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය ඊයේ (22) ඉන්දයාවේ දී ආරම්භ වුණා.
තරගාවලිය අරඹමින් අසල්වැසියන්වන ශ්‍රී ලංකා සඳහා ඉන්දියාව පළමු තරගයේ දී එකිනෙකා මුණගැසුණා.
මෙම තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ඉන්දියාවට හැකියව ලැබුණා.
කරට කර පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කර ඉන්දියාව ලකුණු 04කින් ජයගත් අතර, ආරම්භයේ සිටම මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ස්ටුවර්ට් බිනී ලකුණු 68ක් රැස්කළ අතර යූසුෆ් පතාන් පන්දු 22ක් තුළ වේගවත් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ඉන්දීය මාස්ටර්ස් ඉනිමේ කඩුලු 02ක් බිද දැමුවා.
අනතුරුව ලකුණු 223ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට අවස්ථාව හිමි වූ අතර, උපුල් තරංග සමඟින් නායක කුමාර් සංගක්කාර ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා.
එහිදී නායකත්වයේ ඉනිමක් දියත් කළ කුමාර් සංගක්කාර අලංකාර හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 30ක් තුළ ලකුණු 51ක් රැස් කළා.
අසේල ගුණරත්න ලකුණු 37ක් සහ ජීවන් මෙන්ඩිස් පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 42ක් රැස්කළත් ඔවුන්ගේ එම ඉනිම් ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ, නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා මාස්ටර්ස් ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 218ක සීමා වුණා.
පන්දු යැවීමේ දී ඉර්ෆාන් පතාන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, ඒ අනුව මෙම තරගය ලකුණු 04ක තියුණු ජයක් ඉන්දියාව හිමිකර ගත්තා.