ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් – මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකියි

පවතින කොවිඞ් තත්ත්වය අනුව ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් සහ තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෙසක් සතිය අවසන් වන තුරුම සංචරණ සීමා ඉතා තදින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය නීතීන්ට අනුගතව එය පවත්වාගෙන යෑමට අපොහොසත් වන්නේ නම් රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම සිදුවිය හැකි මරණ සංඛ්‍යාවද අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරනවා.

පසුගිය මාස දාහතර තුළ මෙරටින් කොවිඞ් ආසාදිතයින් ලක්‍ෂයක් පමණ වාර්තා වුවත් පසුගිය මාස දෙකහමාරක කාල සීමාවේදී රෝගීන් හතළිස් දහස ඉක්මවා වාර්තා වීම සෞඛ්‍ය අංශයට දැරිය හැකි ධාරිතාව ඉක්මවා යෑමක් බවත් හෙතෙම සඳහන් කළා.

කොරෝනා රෝග ව්‍යාප්තිය සමග පළමු මාස 13-14 අතර කාල සීමාවේදී මරණ 500 ක් පමණ වාර්තා වුවත් ඉකුත් මාස දෙකක කාල සීමාවේදී එම මරණ සංඛ්‍යාවම වාර්තාවීම කොවිඞ් රෝග තත්ත්වයේ ප‍්‍රබලත්වය පෙන්නුම් කරන්නක් බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09