ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාලයක් – නියෝජ්‍ය ඇමති

මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණයත් සමඟ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

අද (06) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවයි ඔහු පැවසුවේ.

යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවන් පැනවී ඇති බවත් එය මෙම ප්‍රමාදයට හේතුවන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරට පනවා තිබූ හදිසි තත්ත්වය මෙලස තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !