ඉදිරි වසර 25 තුළ මෙරට දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් – ඩයස්පෝරාවටත් ජනපතිගෙන් ඇරයුම්

ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා රට ඔසවා තබනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මෙහිදී ආරාධනා කර සිටියා.

පැරණි ආර්ථිකයේ අළු මතින් නැඟී එන ආසියානු කලාපයේ සහ ඉන්දියානු සංවර්ධනය සමඟ අත්වැල් බැඳගනිමින් නව ආර්ථිකයක් ගොඩ නැගීමේ කාර්යභාරය ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

මේ අතර ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම ආර්ථික සහයෝගීතා සහ තාක්ෂණික ගිවිසුමක් දක්වා වැඩිදියුණු කරගත යුතු බවත්, ආසියාවේ විශාලතම වෙළඳ කණ්ඩායම වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය සමඟ ගිවිසුමකට එළැඹීමට කැමැත්තෙන් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා එමඟින් ලෝකයේ විශාලතම වෙළඳ කණ්ඩායම සමඟ ඉදිරියට යාමට අවස්ථාව සැලසෙන බව ද කියා සිටියා.

ඉදිරි වසර 25 තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක් වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සියලුම ජන කොටස් වෙත සමාන අවස්ථා සහ සම්පත් ලබාදීය යුතු බවත් අන්තර් වාර්ගික සාකච්ඡා, අන්‍යෝන්‍ය අවබෝධය සහ ජන කොටස් අතර විවිධත්වය සැමරීම තුළින් ජාතික සමගිය ප්‍රවර්ධනය කළ හැකි බව ද අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03