ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබාගැනීම අපේ බලාපොරොත්තුවයි

ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහතා මේ බව සඳහන් කළේ ‘කිරිඳිවැල සතුටු පවුල’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ දෙවැනි දින සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

ආණ්ඩු බලය ගන්නවා මිස විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවද රාජපක්ෂ මහතා කීය.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මෙසේ අදහස් දැක්විය

ඊළඟ මැතිවරණයේදී බලය ලබා ගැනිම තමන්ගේ අපේක්ෂාව බවත් ඒ සදහා පක්ෂයට අලුතින් ආසන සංවිධායකයන් පත්කරන්නට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව රාජපක්ෂ මහතා පැවසිය.පසුගිය කාලයේ පක්ෂය හැරගිය අය වෙනුවට අලුත් අය පත් කරන බව ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න එක මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් බවත් මේ රටම විනාශ වෙන්නෙ මත්ද්‍රව්‍ය නිසා බව ඔහු පැවසිය. එමෙන්ම බදු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දියයුතු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !