Empty Ad
AFC Banner
Empty Ad

ඉදිරි මාස 12ක විදුලි උත්පාදන සැලසුම ගැන සමාලෝචනයක්

ඉදිරි මාස 12ක කාලය සඳහා වන විදුලිබල උත්පාදන සැලසුම පිළිබඳව සමාලෝචනයක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

මීළඟ වාරය වෙනුවෙන් අවශ්‍ය වන ගල් අඟුරු ආනයන ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය ද එහිදී අවධානයට යොමු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ලංකා ගල් අඟුරු සමාගම විසින් ඉදිරි වාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අගුරු ආනයන සඳහා ටෙන්ඩර් කැඳවා සැපයුම්කරුවන් වෙත ඇණවුම් ලබාදී ඇති අතර ඒ අනුව ගල් අගුරු නෞකා 40ක් එළඹෙන වාරය වෙනුවෙන් ආනයනය කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පළමු ගල් අගුරු නෞකාව නොරොච්චෝල බලාගාරය වෙත එළඹෙන සතියේ පැමිණීමට නියමිතයි.

අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන පාලන පද්ධති අංශය සහ කළමනාකාරීත්වය විසින් සිදු කරන ලද දැනුවත් කිරීම අනුව මෙම වසරේ වර්ෂාපතනය අඩු වී ඇති බැවින් ජල විදුලිබල උත්පාදනය පහත බැස ඇති බවයි.

මෙම වසරේදී ගිගාවොට් පැය 3500 – 3750ක ප්‍රමාණයක් පමණක් ජල විදුලි උත්පාදනය කිරීමට සිදු වන බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් තාප විදුලි බලය එකතු කර ගනිමින් අඛණ්ඩව විදුලිය ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එළඹෙන වසර ද වර්ෂාපතනය අඩු වසරක් ලෙස පුරෝකථනය කර ඇති බැවින් පෙර සූදානමක් ලෙස අඩු මිලට පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට සහ එය ජාතික පද්ධතියට එක්කිරීම සදහා වන දැන්වීම් පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>