ඉදිරි මාස 12ක විදුලි උත්පාදන සැලසුම ගැන සමාලෝචනයක්

ඉදිරි මාස 12ක කාලය සඳහා වන විදුලිබල උත්පාදන සැලසුම පිළිබඳව සමාලෝචනයක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

මීළඟ වාරය වෙනුවෙන් අවශ්‍ය වන ගල් අඟුරු ආනයන ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය ද එහිදී අවධානයට යොමු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ලංකා ගල් අඟුරු සමාගම විසින් ඉදිරි වාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අගුරු ආනයන සඳහා ටෙන්ඩර් කැඳවා සැපයුම්කරුවන් වෙත ඇණවුම් ලබාදී ඇති අතර ඒ අනුව ගල් අගුරු නෞකා 40ක් එළඹෙන වාරය වෙනුවෙන් ආනයනය කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පළමු ගල් අගුරු නෞකාව නොරොච්චෝල බලාගාරය වෙත එළඹෙන සතියේ පැමිණීමට නියමිතයි.

අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන පාලන පද්ධති අංශය සහ කළමනාකාරීත්වය විසින් සිදු කරන ලද දැනුවත් කිරීම අනුව මෙම වසරේ වර්ෂාපතනය අඩු වී ඇති බැවින් ජල විදුලිබල උත්පාදනය පහත බැස ඇති බවයි.

මෙම වසරේදී ගිගාවොට් පැය 3500 – 3750ක ප්‍රමාණයක් පමණක් ජල විදුලි උත්පාදනය කිරීමට සිදු වන බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් තාප විදුලි බලය එකතු කර ගනිමින් අඛණ්ඩව විදුලිය ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එළඹෙන වසර ද වර්ෂාපතනය අඩු වසරක් ලෙස පුරෝකථනය කර ඇති බැවින් පෙර සූදානමක් ලෙස අඩු මිලට පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට සහ එය ජාතික පද්ධතියට එක්කිරීම සදහා වන දැන්වීම් පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14