ඉදිරි මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් – ජනපති

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“හරිත බලශක්ති සමුළුවට පැමිණි ඔබ සියළු දෙනා මම සාදරයෙන් පිළිගන්නවා.ඒ වගේම ඔබලාගේ ආයෝජන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා වන පහසුකම් ලබාදීමට මම එකඟ වෙනවා. ශ්‍රී ලංකාවට ප්‍රධාන ගැටළු දෙකක් තිබෙනවා. ඉන් එකක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අනෙක හරිත බලශක්තිය සඳහා රට යොමු කිරීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතිනවා. රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අපි කඩිනමින් කටයුතු කළ යුතුයි. හරිත ආර්ථිකයක් සඳහා යොමුවීමට ශ්‍රී ලංකාවට සෑම සුදුසුකමක් ම තිබෙනවා. මොකද ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, බයෝ ගෑස්, මෙන්ම මුහුදු රළ උපයෝගී කරගනිමින් බලශක්තිය නිපදවීමට හැකියාව තිබෙනවා. එම නිසා ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන විභවය ලෙස හරිත ආර්ථිකය හඳුන්වා දිය හැකියි. ඒ සඳහා මෙම සමුළුවට පැමිණි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට පහසුකම් සලසා දීමේ වගකීම මම භාර ගන්නවා. ඉදිරි මාස දෙක තුළ හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සලසුම් කර තිබෙනවා. එය කලාපයේ පළමු හරිත ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය හැකියි.
මෙමඟින් ආයෝජකයන්ට නෛතිකභාවයක් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ පහසුකම් සපයාදීමට ආණ්ඩුව ද වගකීමකින් බැඳෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක් නොවෙයි. මෙය දිගුකාලීන වැඩපිළිවෙළක්. ඒ නිසා මේ සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා කඩිනමින් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

හරිත ආර්ථීකයෙන් රට ගොඩගැනීමට ආයෝජකයන් ලෙස පැමිණී ඔබ මම නැවතත් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම මම ඔබලාට ස්තුතිවන්ත වෙන්නත් කැමතියි. අපේ රට තේ වලින් ලෝකයේ පළමු රට බවට පත් වූවා සේම, හරිත ආර්ථිකයෙන් ලෝකයේ පළමු තැනට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව මෙම ක්ෂේත්‍රය තුළ ආසියාවේ පළමුවැන්නා වීමට හේතු වන්නේ අපගේ ස්වාභාවික සම්පත් භාවිතා කිරීමට හැකි වීම නිසයි. ඔබ සැම හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජන කිරීමේ අත්දැකීම් ඇති අයයි. පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව, දකුණු ඉන්දියාවේ සහයෝගීතාව හරහා, ඉන්දියාවේ සිට කෙලින්ම ත්‍රිකුණාමලයට තෙල් නළය ගෙන ඒම ගැන අපි දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.ත්‍රිකුණාමලය හරිත හයිඩ්‍රජන් සඳහා විභව වරායක් ලෙස ද අපි හඳුනාගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන්, පුනර්ජනනීය බලශක්ති, සුළං බලයෙන් වැඩි ප්‍රමාණයක් ඇති උතුරට ආසන්නතම වරායයි. ඉතින් මේ සියල්ලෙන් අදහස් කරන්නේ සංවර්ධනය සහ සංවර්ධන අවස්ථා, මඟින් ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් වන බවයි. ඒ සමඟම ඔබ මුදල් ආයෝජනය කරන අතර ඔබේ ආයෝජනයට හොඳ ප්‍රතිලාභයක් හිමි වනු ඇත. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවට සහභාගි වීමට පැමිණි තමන්ට ලබාදුන් සත්කාරය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පළ කළ ආයෝජකයෝ හරිත ආර්ථික ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව ද කියා සිටියා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?