ඉදිරි මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් – ජනපති

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“හරිත බලශක්ති සමුළුවට පැමිණි ඔබ සියළු දෙනා මම සාදරයෙන් පිළිගන්නවා.ඒ වගේම ඔබලාගේ ආයෝජන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා වන පහසුකම් ලබාදීමට මම එකඟ වෙනවා. ශ්‍රී ලංකාවට ප්‍රධාන ගැටළු දෙකක් තිබෙනවා. ඉන් එකක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අනෙක හරිත බලශක්තිය සඳහා රට යොමු කිරීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතිනවා. රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැගීමට අපි කඩිනමින් කටයුතු කළ යුතුයි. හරිත ආර්ථිකයක් සඳහා යොමුවීමට ශ්‍රී ලංකාවට සෑම සුදුසුකමක් ම තිබෙනවා. මොකද ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, බයෝ ගෑස්, මෙන්ම මුහුදු රළ උපයෝගී කරගනිමින් බලශක්තිය නිපදවීමට හැකියාව තිබෙනවා. එම නිසා ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන විභවය ලෙස හරිත ආර්ථිකය හඳුන්වා දිය හැකියි. ඒ සඳහා මෙම සමුළුවට පැමිණි දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට පහසුකම් සලසා දීමේ වගකීම මම භාර ගන්නවා. ඉදිරි මාස දෙක තුළ හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සලසුම් කර තිබෙනවා. එය කලාපයේ පළමු හරිත ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය හැකියි.
මෙමඟින් ආයෝජකයන්ට නෛතිකභාවයක් ලැබෙනවා මෙන්ම ඔවුන්ගේ පහසුකම් සපයාදීමට ආණ්ඩුව ද වගකීමකින් බැඳෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක් නොවෙයි. මෙය දිගුකාලීන වැඩපිළිවෙළක්. ඒ නිසා මේ සඳහා නීතිමය රාමුවක් සකස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා කඩිනමින් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

හරිත ආර්ථීකයෙන් රට ගොඩගැනීමට ආයෝජකයන් ලෙස පැමිණී ඔබ මම නැවතත් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම මම ඔබලාට ස්තුතිවන්ත වෙන්නත් කැමතියි. අපේ රට තේ වලින් ලෝකයේ පළමු රට බවට පත් වූවා සේම, හරිත ආර්ථිකයෙන් ලෝකයේ පළමු තැනට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව මෙම ක්ෂේත්‍රය තුළ ආසියාවේ පළමුවැන්නා වීමට හේතු වන්නේ අපගේ ස්වාභාවික සම්පත් භාවිතා කිරීමට හැකි වීම නිසයි. ඔබ සැම හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජන කිරීමේ අත්දැකීම් ඇති අයයි. පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව, දකුණු ඉන්දියාවේ සහයෝගීතාව හරහා, ඉන්දියාවේ සිට කෙලින්ම ත්‍රිකුණාමලයට තෙල් නළය ගෙන ඒම ගැන අපි දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.ත්‍රිකුණාමලය හරිත හයිඩ්‍රජන් සඳහා විභව වරායක් ලෙස ද අපි හඳුනාගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන්, පුනර්ජනනීය බලශක්ති, සුළං බලයෙන් වැඩි ප්‍රමාණයක් ඇති උතුරට ආසන්නතම වරායයි. ඉතින් මේ සියල්ලෙන් අදහස් කරන්නේ සංවර්ධනය සහ සංවර්ධන අවස්ථා, මඟින් ශ්‍රී ලංකා ආර්ථිකය පුළුල් වන බවයි. ඒ සමඟම ඔබ මුදල් ආයෝජනය කරන අතර ඔබේ ආයෝජනයට හොඳ ප්‍රතිලාභයක් හිමි වනු ඇත. ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුවට සහභාගි වීමට පැමිණි තමන්ට ලබාදුන් සත්කාරය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පළ කළ ආයෝජකයෝ හරිත ආර්ථික ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව ද කියා සිටියා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38