ඉදිරියේ දී කිරිපිටි හිඟයක් – ආනයනකරුවෝ අනතුරු අඟවයි

ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහලුම් 15ක් නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කොළඹ දී අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව කියා සිටියා.

දිනකට පාරිභෝගිකයන් ලක්ෂ දෙකක් පමණ කිරිපිටි පරිභෝජනය කරන බවත්, ඉන් 20%ක් දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි පරිභෝජනය කරන අතර ඉතිරි 80% පරිභෝජනය කරනු ලබන්නේ ආනයනික කිරිපිටි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කිරිපිටි ආනයනය දින 37ත් 42කටත් පෙර සිදුකළ යුතු වන අතර, මෙලෙස කිරිපිටි ආනයනය කිරීමට පෙර රාජ්‍ය ආයතන රැසකින් අවසර ගැනීම සිදුකළ යුතු වනවා.

එවැනි තත්ත්වයක් තුළ කිරිපිටි රැගත් නෞකාව මුහුදේ තිබිය දී නීති රීති වෙනස් කිරීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගත් කිරිපිටි බහාලුම් ලබාගැනීමට ආනයන අපනයන පාලකවරියගේ අත්තනෝමතික ක්‍රියා නිසා නොහැකි වී ඇති බවයි එම සංගමය චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේ දී කිරිපිටි හිඟයක් ද ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.

දිගින් දිගටම සිදුවන මෙවැනි අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් රජය මැදිහත් වී කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

කිරිපිටි බහාලුම් වරායේ දින ගණනක් එසේ තැබීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය සම්බධයෙන් ගැටළු රැසක් ඇතිවිය හැකි බව ඔවුන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49