Update – ගල්ෆ් කලාපයේ රටවල් රැසක් ගුවන් කලාප වසා දමයි

ඉරානය සහ ඊශ්‍රයලය අතර ආරම්භ වී ඇති යුද ගැටුම් හේතුවෙන් ගල්ෆ් කලාපයේ රටවල් රැසක් ඔවුන්ගේ ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ ගුවන් කලාපය වසා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අද (28) පෙරවරුවේ ඇමරිකාව සහ ඊශ්‍රයලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරාකය පළමුව සිය ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කළ අතර, ඊශ්‍රයලය මෙන්ම ඉරානය ද සිය ගුවන් කලාප පෙ වනවිට වසා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
1
+1
2
+1
9
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !