AFC Banner
AFC Banner
Empty Ad

ඉදිරියේ ඇති අවදානම ගැන පැහැදිලි කිරීමක්

තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්‍ෂිත අයුරින් විනෝද චාරිකා හා වන්දනාගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටිනවා.

සති අන්තයේ වන්දනා හා විනෝද ගමන් පැමිණි ජනතාව හේතුවෙන් අනුරාධපුරය, ශ්‍රී පාදස්ථානය, මහනුවර, සංචාරක ආකර්ෂණය වැඩි ස්ථාන හා මුහුදු වෙරළ තීරයන් ආදිය ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනු දක්නට ලැබුණා.

විශේෂයෙන් විනෝද චාරිකාවල නිරත පිරිස් නිසි සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එතිනෙකාට ඉතා සමීපව විනෝද වන අයුරු ද දැකගත හැකිවිය.

මේ වන විට මරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ද වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉකුත් දින තුනක කාලයේදී පිළිවෙලින් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 677ක්, 661ක් සහ 690ක් වාර්තා විය.

මෙවන් තත්වයක් තුළ ජනතාව අනාරක්‍ෂිතව කටයුතු කිරීම තුළින් ඉදිරියේදී ආසාදිත සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

දීර්ඝ නිවාඩු කාලසීමාවන්වලදී දුර බැහැර සංචාරයන්හි යෙදෙන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේ.

රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ ජනතාව දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු තත්වයක් යළිත් නිර්මාණය වෙමින් පවතින බවයි.

අනුරාධපුර වැනි පුජා භූමිවල මෙන්ම අනිකුත් සංචාරක ප්‍රදේශවල මජනතාව ඉතා අනාරක්ෂිත අයුරින් මුහුණු ආවරණ පවා නොමැතිව කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු බවත්, ඒ තුළින් අනාගතයේ විශාල ව්‍යසනයක් ඇති විය හැකි බවත් සභාපතිවරයා පැවසුවේ.

ඉකුත් දෙසැම්බර් මාසයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පැවති නමුත් නත්තල් සහ නව වසර උදාව වෙනුවෙන් පැවති උත්සව සමයේදී ජනතාව අනාරක්‍ෂිත අයුරින් කටයුතු කළ නිසා යළිත් ආසාදිතයන් වැඩිවීම සිදුවූ බවත්, සති අන්තයේ ජනතාව කටයුතු කළ ආකාරය නිසා ආසාදිතයන් තවත් ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?