ඉදිරියේ ඇති අවදානම ගැන පැහැදිලි කිරීමක්

තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්‍ෂිත අයුරින් විනෝද චාරිකා හා වන්දනාගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටිනවා.

සති අන්තයේ වන්දනා හා විනෝද ගමන් පැමිණි ජනතාව හේතුවෙන් අනුරාධපුරය, ශ්‍රී පාදස්ථානය, මහනුවර, සංචාරක ආකර්ෂණය වැඩි ස්ථාන හා මුහුදු වෙරළ තීරයන් ආදිය ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනු දක්නට ලැබුණා.

විශේෂයෙන් විනෝද චාරිකාවල නිරත පිරිස් නිසි සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එතිනෙකාට ඉතා සමීපව විනෝද වන අයුරු ද දැකගත හැකිවිය.

මේ වන විට මරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ද වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉකුත් දින තුනක කාලයේදී පිළිවෙලින් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 677ක්, 661ක් සහ 690ක් වාර්තා විය.

මෙවන් තත්වයක් තුළ ජනතාව අනාරක්‍ෂිතව කටයුතු කිරීම තුළින් ඉදිරියේදී ආසාදිත සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

දීර්ඝ නිවාඩු කාලසීමාවන්වලදී දුර බැහැර සංචාරයන්හි යෙදෙන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේ.

රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ ජනතාව දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු තත්වයක් යළිත් නිර්මාණය වෙමින් පවතින බවයි.

අනුරාධපුර වැනි පුජා භූමිවල මෙන්ම අනිකුත් සංචාරක ප්‍රදේශවල මජනතාව ඉතා අනාරක්ෂිත අයුරින් මුහුණු ආවරණ පවා නොමැතිව කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු බවත්, ඒ තුළින් අනාගතයේ විශාල ව්‍යසනයක් ඇති විය හැකි බවත් සභාපතිවරයා පැවසුවේ.

ඉකුත් දෙසැම්බර් මාසයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පැවති නමුත් නත්තල් සහ නව වසර උදාව වෙනුවෙන් පැවති උත්සව සමයේදී ජනතාව අනාරක්‍ෂිත අයුරින් කටයුතු කළ නිසා යළිත් ආසාදිතයන් වැඩිවීම සිදුවූ බවත්, සති අන්තයේ ජනතාව කටයුතු කළ ආකාරය නිසා ආසාදිතයන් තවත් ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අංශ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39