AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියේදී ජනතාවට තවත් ගැටළුවක්

පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාවේ පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

මේ දිනවල දිවයිනේ දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම පහළ බැස ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එමෙන්ම ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින අතර, පානීය ජල සැපයුම සීමා සහිත බැවින් එය සැමට සමසේ බෙදා හැරිය යුතු බැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට භාවිත නොකර අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිත කරන ලෙස ද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?