ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව රැස් වෙයි

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වී තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පැන නැඟී ඇති ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙනුයි මෙම කමිටුව කටයුතු කරනු ලබන්නේ.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ක්‍රමානුකූලව නිරාකරණය කර ගනිමින් එය යළි නඟාසිටුවීමට කටයුතු කළ යුතු බව සාගල රත්නායක මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඉදිකිරීම් පුනර්ජීවන කමිටුව යටතේ ස්ථාපිත කිරීමට යෝජිත විධායක කමිටුව මගින් ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි පණ ගැන්විය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

එම විධායක කමිටුව, ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන්ගෙන් හා පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගෙන් සමන්විතව පිහිටුවීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

ක්ෂේත්‍රය තුළ දැනට හඳුනාගෙන ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහිදී දර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර බැංකු පොළි අනුපාත අයකර ගැනීමේ ක්‍රියාමාර්ග, ආනයන සීමා කිරීම සහ තීරු බදු, රජයේ ව්‍යාපෘති වල සිදුකරන ලද වැඩ සඳහා ගෙවීම් යාන්ත්‍රණය ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා.

ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ගෙවිය යුතු ගෙවීම් ගණනය කරමින් ඒවා ගෙවා අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතු බවයි සාගල රත්නායක මහතා සඳහන් කළේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලික අංශය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්ව සිටි නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?