ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව රැස් වෙයි

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වී තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පැන නැඟී ඇති ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙනුයි මෙම කමිටුව කටයුතු කරනු ලබන්නේ.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ක්‍රමානුකූලව නිරාකරණය කර ගනිමින් එය යළි නඟාසිටුවීමට කටයුතු කළ යුතු බව සාගල රත්නායක මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඉදිකිරීම් පුනර්ජීවන කමිටුව යටතේ ස්ථාපිත කිරීමට යෝජිත විධායක කමිටුව මගින් ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි පණ ගැන්විය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

එම විධායක කමිටුව, ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන්ගෙන් හා පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගෙන් සමන්විතව පිහිටුවීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

ක්ෂේත්‍රය තුළ දැනට හඳුනාගෙන ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහිදී දර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර බැංකු පොළි අනුපාත අයකර ගැනීමේ ක්‍රියාමාර්ග, ආනයන සීමා කිරීම සහ තීරු බදු, රජයේ ව්‍යාපෘති වල සිදුකරන ලද වැඩ සඳහා ගෙවීම් යාන්ත්‍රණය ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා.

ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ගෙවිය යුතු ගෙවීම් ගණනය කරමින් ඒවා ගෙවා අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතු බවයි සාගල රත්නායක මහතා සඳහන් කළේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලික අංශය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්ව සිටි නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36