ඉතිහාසයේ වැඩිම දික්කසාද වන්දිය තීන්දු වෙයි

ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බිල් අල් මක්තූම්ගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාදය බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම වන්දියක් තීන්දුවූ නඩු කටයුත්ත බවට පත්වී තිබේ.

ඒ දික්කසාද වන්දි ලෙස පවුම් මිලියන 500කට අධික මුදලක් ඩුබායි පාලකයාට සිය බිරිඳට ගෙවීමට සිදුවීම හේතුවෙනි.

ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම්ගේ බිරින්දෑවරු හයදෙනාගෙන් ළාබාලතම බිරිඳ වුණේ මේ වන විට 47 හැවිරිදි වියේ පසුවන හයා බින්ට් අල් හුසේන් කුමරියයි.

ඇය ජෝර්දානයේ හිටපු රජු, හුසේන්ගේ දියණියකි.

හයා කුමරිය 2004 වසරේදී මක්තූම් හා විවාහ වූ අතර 2019 වසරේදී එම විවාහය අවසන් වුණි.

විවාහයෙන් මේ යුවළට දරුවෝ දෙදෙනෙක් ද සිටිති.

2019 අප්‍රේල් මාසයේදී සැමියාට බියෙන් සිය දරුවන් දෙදෙනා සමග බ්‍රිතාන්‍යයට පළා ආ හයා කුමරිය, මක්තූම්ට එරෙහිව ලන්ඩන් අධිකරණයක දික්කසාද නඩුවක් ගොනු කළාය.

දික්කසාදය නිරවුල් කිරීම සඳහා ඩුබායි පාලකයා හයා කුමරිය හා දරුවන් දෙදෙනාට පවුම් මිලියන 550ක පමණ මුදලක් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර තිබේ.

එම මුදලින් වැඩි ප්‍රමාණයක් යෙදවෙන්නේ ඩුබායි පාලකයා හයා කුමරියට හා දරුවන් දෙදෙනාට එල්ල කර ඇති බරපතළ තර්ජනයෙන් මිදීමට බව විනිසුරු ෆිලිප් මුවර් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10