ඉතිහාසයේ පළමු වරට කාන්තාවන්ට වතුකරයේ ක්ෂේත්‍ර නිලධාරී තනතුරු පිරිනැමෙයි (ඡායාරූප)

වතුකරයේ තරුණියන් 25 දෙනෙකුට ක්ෂේත්‍ර නිලධාරි තනතුරු ප්‍රදානය කර තිබෙනවා.

වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල පදිංචි තරුණියන් 25 දෙනෙකුටයි මෙලෙස වතු ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර නිලධාරි තනතුරුවල සේවය කිරීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද තලවකැලේ වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්‍ය රොෂාන් රාජදොරේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ.

ඒ නානුඔය රදැල්ල වතු පාලකයින්ගේ සමාජ ශාලාවේදීයි.

එම වතු සමාගමට අයත් තේ වතුවල සේවය කළ වතුකරුවන්ගේ සහ අවට ගම්මානවල පදිංචි මෙම පිරිස අධ්‍යාපනය අවසන් කළ තරුණියන් 450 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට ලක් කර ඉන් තෝරාගත් තරුණියන් 25 දෙනෙකු බවත්; වාර්තා වනවා.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සහ ඒ වතු සමාගම යටතේ පාලනය වන වතු 16ක තේ වගාව පිළිබඳ මාස 06ක පුහුණු පාඨමාලාවක් පවත්වා ඉන් අනතුරුවයි මෙම ක්ෂේත්‍ර නිලධාරී පත්වීම් ලබා දී ඇත්තේ.

පත්වීම් ලැබූ නව ක්ෂේත්‍ර නිලධාරින් අද දින සිට තලවකැලේ වැවිලි සමාගම යටතේ පාලනය වන වතු 16 පවතින ක්ෂේත්‍ර නිලධාරි තනතුරු සඳහා යොමු කළ බවත්, ඔවුන් එම වතුයායේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බවත්, එම තනතුරුවලට කාන්තාවන් බඳවාගත් පළමු අවස්ථාව මෙය බවත් වාර්තා වනවා.

මෙම පත්විම් ප්‍රදානයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ එම වතු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්‍ය රොෂාන් රාජදොරේ කියා සිටියේ 2024 අයවැයෙන් වැට් බද්ද 18% කින් වැඩි කිරිම නිසා තේ වතු පවත්වාගෙන යාමට ගැටළු රැසක් මතු වී ඇති බවයි.

වැට් බද්ද වැඩි කිරීම නිසා තේ නිෂ්පාදන වියදම ඉහළ යන බවත්, ඒ තුළින් වතු කම්කරුවන්ට ලැබෙන ආදායමේ ද අඩුවක් විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

01 1 1
01 2 1
01 3
01 4
01 5
01 6
01 8
01 9
01 10
01 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?