ඉතිහාසයේ පළමු වරට කාන්තාවන්ට වතුකරයේ ක්ෂේත්‍ර නිලධාරී තනතුරු පිරිනැමෙයි (ඡායාරූප)

වතුකරයේ තරුණියන් 25 දෙනෙකුට ක්ෂේත්‍ර නිලධාරි තනතුරු ප්‍රදානය කර තිබෙනවා.

වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල පදිංචි තරුණියන් 25 දෙනෙකුටයි මෙලෙස වතු ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර නිලධාරි තනතුරුවල සේවය කිරීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද තලවකැලේ වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්‍ය රොෂාන් රාජදොරේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ.

ඒ නානුඔය රදැල්ල වතු පාලකයින්ගේ සමාජ ශාලාවේදීයි.

එම වතු සමාගමට අයත් තේ වතුවල සේවය කළ වතුකරුවන්ගේ සහ අවට ගම්මානවල පදිංචි මෙම පිරිස අධ්‍යාපනය අවසන් කළ තරුණියන් 450 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට ලක් කර ඉන් තෝරාගත් තරුණියන් 25 දෙනෙකු බවත්; වාර්තා වනවා.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සහ ඒ වතු සමාගම යටතේ පාලනය වන වතු 16ක තේ වගාව පිළිබඳ මාස 06ක පුහුණු පාඨමාලාවක් පවත්වා ඉන් අනතුරුවයි මෙම ක්ෂේත්‍ර නිලධාරී පත්වීම් ලබා දී ඇත්තේ.

පත්වීම් ලැබූ නව ක්ෂේත්‍ර නිලධාරින් අද දින සිට තලවකැලේ වැවිලි සමාගම යටතේ පාලනය වන වතු 16 පවතින ක්ෂේත්‍ර නිලධාරි තනතුරු සඳහා යොමු කළ බවත්, ඔවුන් එම වතුයායේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බවත්, එම තනතුරුවලට කාන්තාවන් බඳවාගත් පළමු අවස්ථාව මෙය බවත් වාර්තා වනවා.

මෙම පත්විම් ප්‍රදානයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ එම වතු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්‍ය රොෂාන් රාජදොරේ කියා සිටියේ 2024 අයවැයෙන් වැට් බද්ද 18% කින් වැඩි කිරිම නිසා තේ වතු පවත්වාගෙන යාමට ගැටළු රැසක් මතු වී ඇති බවයි.

වැට් බද්ද වැඩි කිරීම නිසා තේ නිෂ්පාදන වියදම ඉහළ යන බවත්, ඒ තුළින් වතු කම්කරුවන්ට ලැබෙන ආදායමේ ද අඩුවක් විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

01 1 1
01 2 1
01 3
01 4
01 5
01 6
01 8
01 9
01 10
01 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51